profile

Welcome Guest

2024 September 8 -  
banner

Shanika Kirindeniya

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබද ගෞරව උපාධිධරයෙකි. වසර 20ක් පමණ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වා පළපුරුදුකම් ඇත්තෙකි. ඔහු ලියා පළ කළ ‘‘උසස් පෙළ සිංහල ප‍්‍රශ්නෝත්තර 1000’’හා ‘‘සාමාන්‍ය පෙළ ප‍්‍රශ්නෝත්තර’’ වැනි කෘති සිසු පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය විය. ඔහු විසින් සරසවි වරම් දිනා දුන් සිසු සිසුවියන් දහස් ගණනකි. Dp Education නාලිකාවේ උසස් පෙළ පුනරීක්ෂණ ගුරුවරයා ලෙස ද ඔහු සේවය කරයි. ‘‘අක්වැහි’’ ‘‘පන්තියේ අන්තිම එකාගේ කවිය’’ යන කාව්‍ය කෘතිද්වය හා ‘‘මානවී’’ නවකතාව යන සාහිත්‍ය කෘතීන් ද ‘‘සාර සුබාවට රූප සොබාවට’’ හා ‘‘මා දිනූ සඳවතී‘‘යන ගීත නිර්මාණ ද ඔහු කලා රසිකයින්ට දායාද කොට ඇත.