profile

Welcome Guest

2024 March 28 -  
banner

Indika Weerarathna

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඉන්දික වීරරත්න මහත්මා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හිමිකරගෙන තිබේ. විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාපති උපාධියත් ලබාගන්නට තරම් මනා පරිචයක් ඇත්තෙකු විය. පුරා වසර 20 කට අධික කාලයක් උසස් පෙළ සංයුක්ත ගණිත විෂය ඉගැන්වීමෙන් ලද මනා අත්දැකීම් ඇති ගුරු භවතෙකි. මේ වන විට කොළඹ රාජකීය විද්‍යාලයේ සංයුක්ත ගණිත විෂයය පිළිබඳ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් දැයේ දරුවන්ගේ නැණස පාදන්නට ඉමහත් මෙහෙවරක යෙදෙමින් සිටී. දැනට වසර ගණනාවක් සිටම සංයුක්ත ගණිත උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙසින්ද සේවය කරයි. 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බිහිකිරීමට දායකත්වය සැපයූ ගුරුවරයා වීමට ඔහු භාග්‍යවන්තයෙක් වී ඇත.